Tuesday, June 29, 2010

ජීවිතේ කවදා හරි...

Who sat on this beach? Pictures, Images and Photos
ජීවිතේ කවදා හරි,
සැදැවක් නිති ඒවි.
සිත් එලිය බොද වෙලා...
දිවි සැරිය නිමා වන.
අනේ....
එදාටත් ඔබ,
මහ සයුර වනවානම්.
හිරු වෙලා මම මියෙන,
මේ විසල් අහස යට...

Wednesday, June 2, 2010

.ඔබ වෙනුවෙන් මා...

Dead Rose Pictures, Images and Photos
මීට සය අවුරුදු පෙර පුන්චි කාලේ සිට පැවත ආ අපේ සම්බන්ධයට මා ස්ථිර නමක් දුන්නේ ඔබ මා නිසා නිස්කාරුනේ විනාෂ නොවනු දැකීමටය.අද මම ඔබ ඒ පෙර ගත කල කාලය බොලද පෙම්වත් කාලයක් යැයි නම් කීරිමට තරම් දැන උගත්ය.එහෙත් ඒ පටන් ගත් ආලය සය අවුරුද්දක් පූරා ගෙවුනේ මා ජීව්තයම ආදරය හා සම කරමින්ය.ඔබ ඒ තරමට මාහට සමීප වුවාය,ලෙන්ගතු වුවාය.ආදරය කලෙමි ඔබ හට,නොකීමුත් වදනින් සෑම විට,ඒ පුන්චි කාලයෙ පටන්ම..නමුදු එය වචනයෙන් ඉස්ථිර කර ගනු නියා ඔබ ලතැවු බවද දන්නෙද මමය.මා අද තනිව ඇත.ඔබ අද මා හා නොමැති බව මට නොහැගෙනුයෙ මන්ද යැයි මට නොතෙරේ.මා ඔබගේය.කදුලු මවෙතින් රැගෙන ගිය ඔබ,මා සමග සිටි කාලය පුරාවට මට කදුලු සැලීමට ඉඩ නොඩුන්නාය.කොතරම් බාධක පවුල් තුලින් පැන නැගුනද මම ඔබට මට වඩා අදරය කලෙමි,ඔව් මම දැන උන්නා ඔබද පුරා හදවතින්ම මාහට ආදරය කල බව.ඔබගේ ආදර වදන් නොමැතිව මාස ගනන් ගත වූවද ඔබ කෙරෙහි වූ මගේ අදරය අන්ශුමාත්‍රයකින් වුවද අඩු වූයේ නැත.
සත්තකින්ම,ඔබ මට රජෙකි..මා වැනි මෙහෙසියක් ලද සීලයකි..ඔබට යම් දෙයක් සිදු වීමට පෙර එය මට හැගේවා යැයි සෑම විටම මා පැතු වේය.අවසානය දක්වාද එය එසේම සිදු විය.ඔබ හා මම ගත කල සුනදර කාලය අවසන්ය.අද දින මා හා ශේෂව ඇත්තේ අපි දෙදෙන ගත කල සුන්දර මතකයන් පමනයි.අප දෙදෙන පැතු සියල්ල,ඔබගේ පවුලෙන් මා හට ලැබිය යුතු පිලිගැනිම අද මට ලැබි ඇත.නමුදු ඔබ අද මා හා නොමැත...එකදු තප්පරයකට වුවද මා අතහැර නොගිය සබද,අද මා කෙසේ නම් විශ්වාස කරන්නද ඔබ මා තනිකර ජීවිතය හැර ගොස් ඇති බව.අවසන් දින ඔබගේ කාමරය වෙත පිය නැගු මා හට දසුන් වූයේ ඔබ මගේ ලොවක් කාමරය තුල නිමවා ඇති බවය.ඔබ මා හා ගත කල කාලයන් හි මගෙන් ගිලිහිනු පුන්චිම පුන්චි දෙවල් පවා ඔබේ කාමරය තුලදි දැක මම සන්තාප උනෙමි.ඔබ මට අහිමිව අවසන්ය.මා වෙනෙකෙකු දෙස බැලීම වුවද ඔබට ප්‍රිය නැත,මට ද එලෙසෙකමය...
අප දෙදෙන අතර වූ සමානකම් කියා නිම කල නොහැක.පෙර භවයක හමු වූ විලසක මේ භවයේදීත් අප හමුවී ඇත...එකදු තාවකාලික හමුවීමකි...මා සැමදා පවසන පරිදි ඔබ සුර දුතයකි,ඔබ අප සැම සිනාසවනු ඇත.ඒ ඔබගේ හැටිය.වෙරයක් ගැන කිසිදා නොතකු ඔබ මට ආදරය කලේ ඔයා මට මෙච්චර ආදරය කරන්නෙ කොහොමදැයි අසාය.
අද මා තනිව ඇත...මට හඩනු නොහැකිය.ඔබගෙ පවුල හා මගෙ පවුල සනසවනු වස් නැගි සිටිය යුතුවේ මා.අප දෙදෙනා මැවු සිහින ලොකය මා තනිව ගොඩනගා ඒ තුල ජීවිතය ගත කල යුතුය.මා අභියස වෙනදා මෙන් දගකාරකම් පාන්නට ඔබ අද නැත.ඔබ අද මා දෑස් ඉදිරිපිට නිසලය.
"දෑස් කවුලුපත් පලා කදුලු කැට වෑහෙද්දි මගේ දෑස් අගින්,
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්,
ඈත් ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දෙවුනත් සුවද පැනින්,
මාත් මගේ හිතටත් ඔබ සුවදයි ඈත් නොවෙමැයි ඒ සුවදින්.

ඊයේ ඉපදි අද මිය යන්නට පෙරුම් පුරා ගෙන උපන් ලයේ,
හීයේ වේගෙන් අහස උසට සැදි ආදර ලොකය හෙටත් තියේ,
ඒත් ඉතින් දැන් සොදුරිය ඔබ නැත ඇයි මේ ලෙස මා තනිව ගියේ,
ආයෙත් දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ."

මේ ගීතය ජීවිතයට මේ තරම් සමීප වේ යයි මා මෙය අසන මුල් දවසේ තුන් සිතකින් වත් නොසිතන්නට ඇත.සත්තකින්ම අදින් පසු මා ඔබ වෙනුවෙන් එකදු කදුලු බිදුවක් නොසලමි.කොහේ හො සිට ඔබ මා දෙස නෙත් අයා බලා සිටිනු ඇත.අනේ ඔබ නැවත පැමිනේ නම් අපේ අවසන් සමුදීමට,කියන්නට ඇති දහසක් වදන් අතුරින් අවැසිය පවසන්න...ඔබ වෙනුවෙන් මා මිය යන්වා නම්........

Friday, May 21, 2010

සමාවෙන්න..ඉස්සර මම නෙමෙයි...

itscaresmetothinkthatyoucouldfindtakersotherthanme. Pictures, Images and Photos
සමහර වෙලාවට අපි ගොඩක් නරකයි කියලා හිතන මිනිස්සුත් හොදයි කියලා තේරෙද්දි ඇති වෙන හැගීම මොන වගේද කියලා විස්තර කරන්න අමාරුයි..ඒ කෙනාව හොයාගෙන ගිහින් මම ඔයා ගැන හිතුවේ මෙහෙමයි මට සමාවෙන්න කියලා කියන්න හිතෙන වෙලාවල් ඇති වෙලා තියෙනවා මට නම්..එක එක අවස්ථා වලදි එක එක මිනිස්සු හමුවේ මිනිස්සු වෙනස් වෙන්නෙ අපි නොහිතන විදියටයි.අපිට කොච්චර උවමනා වුවත් වෙනස් නොවන මිනිස්සු වෙනස් වෙන්න එක ආදරනීය සිදුවීමක් ඇති කියලයි මට හිතෙන්නෙ.
දැන් මාත් වෙනස් වෙලාද මන්දා....මම ආයෙමත් හැම දෙයකටම හිනා වෙනවා,ගොඩාක් සැහැල්ලුවෙන් වැස්සේ තෙමෙනවා.ඒ වගේම හීනත් දකිනවා..හරියට ඉස්සර වගේම...ඔව් ඉස්සර වගේම,හරියට කිසිම දෙයක් නොවුන ගානට.මොනවා උනත් මම මේ හැගීමට කැමතියි.ගොඩක් නිදහස හමුවේ පියාඹනවා වගෙයි....

Tuesday, May 18, 2010

The one that got away...

Alone. Pictures, Images and Photos
Out with someone new almost everyday,
People look at me,I can hear them say,
"she's so lucky,she has everything gone her way"
I cant let them know that I really don't,
And I'm not with the one that I really want;
And I'm still in love with the one that got away.
The one that got away,got away with my heart.
If we chance to meet,on some lonely street,
And I pass you by without a word to say,
I'm just thinking of the one that got away.....

Sunday, April 18, 2010

ඉඩ දෙන්න,හිනහෙන්න


හමන මද නල සුවද,
හදට දැනෙනා රැයක.
පිපුනු සෙනෙහේ මලක,
පෙති තෙමී ගොස් සෙමින.
පිනි බිදු පෙති තෙමන
බව දැනම..
සදු ඉදියි අහසේම,
තරු පොකුරු සමගින්ම.
ගිනි අරන් හදවතම,
අලුවෙලා මගේ සිහින;
අනේ එක වරක් වත්,
ඉඩ දෙන්න...
හිනහෙන්න සෙනහසින.

Saturday, March 20, 2010

Guilty


I've been accused,convicted and condemned,
The trails over and now I face the end,
Is this your way of telling me we're through,
All I'm guilty of is loving you.

You were the judge,the jury all in one,
You found me guilty an d now my terms begun,
I must confess I've never been untrue,
And all I'm guilty of i loving you.

Loving you and now I'm losing you.
losing you for the thing I didn't do.

Please,let your heart consider an appeal,
For now you know exactly how I feel,
Don't punish me for things I didn't do,
When all I'm guilty of is loving you...

Saturday, March 13, 2010

මගේ භාවනාව...


කවදාවත් නැතුව,ජීවිතේ පලමු වතාවටම අහපු සින්දුවක්,හදවතම සිදුරු කරන් යන විදියේ නාද මාලාවක් සමග ඔයාලටත් හමු වෙලා තියෙනවද?එතකොට දැනෙන හැගීම,මුලු හිත ම සින්දුවට සමවැදීම,වෙලාවකට සින්දුත් සන්සුන් භාවනාවක් වගේයි මට.හදවතේ සියලු කඩ ඉම් අහුරා ගෙන යන සියුම් සීතල හැගීමක් වගෙයි...කාලයකට පස්සේ හිතේ තද බල ලෙස දැනුනු සින්දුවක් මේ...මට මේක සමීප වෙන්නෙ මේකේ තේරුම නිසා කිව්වොත් හරි,මමත්...... පසු වදනක් බලාපරොත්තු නොවෙන්න තිබුනා,ඔයාට කරපූ ආදරෙන් පස්සෙ මටත් අලුත් මල් පිපෙන කාලයක් අවානම්...

පෙර වදනක් නැති,අප පෙම් පූරාවතට;
මට කුමටද තව,පසු වදනක් නුඹගෙන්.

හැම හමු වීමකට....
නියමිත අවසානයක් ඇතිනම්,
සිහරුම් මුව ගයනා ගීයට
විරාමයක් දේ නම්.
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

එක ර්තුවකට පසුව
නව ර්තුවක් පැමිණේවි නම්.
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්.
මට කුමටද තව,පසු වදනක් නුඹගෙන්...

ඔයාලත් කැමති නම් බලන්න...

Thursday, March 11, 2010

සබන් බෝල...


"Soap bubbles remains best until them untouched"
මේක මම කියවපු පත්තරයක තිබුනු වාක්‍යක්.මේකේ කොච්චර ඇත්තක් තියෙනවද කියලා අදටත් මට හිතෙනවා.'සබන් බෝල පවතින්නේ ඒවා නොඅල්ලන තාක් පමනයි'.ජීවිතේ තියෙන,අපිට ලැබෙන ගොඩක් දේවලුත් ඒ වගේ කියලා හිතෙනවා.සිහින,ආදරය,බැදිම් වුවත් එහෙමයි.ලග ඉදන් අල්ලලා අත් විදිනවට වඩා,දුරින් ඉදන් එවා දිහා බලලා සතුටු වෙන තරමට ඒවායෙ පැවැත්ම වැඩියි..අදටත් මම ආදරය නොකරානම්,ආදරේ සුන්දරකම මෙන්ම එහි ඇති කටුකත්වය තෙරුම් ගන්න බැරිව ඉන්න තිබුනා.
මම ආදරේ සබන් බෝලය දුර ඉදන් නොබැලුවෙමි,ලගට ගොස් එයට සමීප උනෙමි,එයත් සමග කාලය ගෙවිම අත් දුටිමි.එහෙත් වැඩි වූ සමිපතාව නිසාදො එය අද බිදි ගොස් අවසන්ය..

අසම්මත මිතුදම..


රාත්‍රිය...
සදු නැති අමාවක.
රන් හිරු වඩින,
උදෑසන...
අතිනත් පටලවා,
අපි ගිය අපුරුව
මතකද...
ගන් දෑල ඉහත්තාවටම,
අනන්තය සොයාගෙන.
'දුයිෂන්ගෙ' බස් වලට අවනතව.
ආදරයේ මිරිගුව ලග,
ඉකි ගසන පෙම්වතුන් දැක,
හිනහුනා මතකද උන්ට?
නැති බව කියා,
අපිට ඔය වේදනාව.
හරිම පුදුමයි නේද?
අපි දැන් දුක සැප සමව විදින,
පෙම්වතුන් නොව.
හොදම යාලුවො නේද?

To my beloved.


You came,
Like a monsoon rain.
That chum the red dust,
like the thickened blood in heated veins.
Where restless thoughts,
bubble and steam.

Like the desert winds,
That last with fury the wild cactus flower.
Making the earth tremble before their power,
Leaving me helpless,
Lost in a dream.

Like blue mists;
That creep over the eyes,and into the brain.
Joggling the senses, numbing the pain.
Blinding me,
And guiding me to your realm.

Like the rain,
Like the mist,
You faded away..
leaving behind not a trace,
But the distance memory of,
A once loved face.

Wednesday, March 10, 2010

සොදුරු සිත්..


ජිවිත කාලෙදි අපිට එක එක ජාතියේ මිනිස්සු හමු වෙනවා.ඒත් ඒ හමුවෙන මිනිස්සුන් ගෙන් සොදුරු සිත් තියෙන මිනිස්සු හරිම පොඩ්ඩයි ඉන්නෙ.මම ජීවිතේ එච්චර දුර ගිහිල්ලා නැති නිසාදො මට හමු වෙලා තියෙන සොදුරු හිත් තියෙන මිනිස්සු අඩුයි.එහෙම කෙනෙක් හමු වුනත් අදුන ගන්න තියෙන ඉඩ කඩ අඩුයි..මිනිස්සු තරගයකට වගේ ජීවත් වෙනවා,ඒ ජීවිත වල ඇති වන සොදුරු හැගීම් කියන්න වත් එයාලට කාලයක් නැති තරම්,සමහරු එවා යටපත් කරන් ඉන්නවා...ඒ උනාට අපි හැමොමටම තියෙන්නේ සොදුරු හිත්,එවාට කාලයත් එක්ක වැටෙන විෂබීජ නැත්තම් අලුත් අදහස් එක්ක අපේ හිත් වෙනස් වෙනවා.ඒක ස්වභාවය කියලා හිත හදාගන්න එක තමයි අමාරුම...අපි පොඩි කාලේ කොච්චර සැහැල්ලු විදියට හිතුවද...ඒ පොඩි කාලේ හැමොම ලග තිබුන සුන්දර හිත් තියෙනවනම් ජීවිත කොච්චර ලස්සන වේද?

Monday, March 8, 2010

You're free to go ...


You're free to go darling;I'll break the ties that bind,
Somehow the dreams we planned have gone astray;
You're free to go darling so ease you're worried mind,
i'll never stand in your way...
There's no ring of shining gold so strong that can hold,
A heart when it longs to be free;
The lips are cold darling that once said "love you" to me,
The tender glow is gone I know,You're free to go.

Sunday, March 7, 2010

මගේ මතකය...

අද කාලේකට පස්සේ අයිත් පාසල් යනවා,ඒත් යන්නේ නම් ඉතින් සුදු ගව්ම ඇදන් නම් නෙමෙයි,ඒක ගැන නම් දුකයි..හැම දාම උදෙන්ම නාලා මගේ අවුල් වෙච්ච කොන්ඩේ විදහාගෙන යාරයක් දිග රිබන් එකක් අතේ තියාගෙන තමයි මම පාසල් ගියේ..ඒ කාලේ නම් කොන්ඩේ කපන්න ගෙදරින් ඉඩ නොදුන්න නිසදො මන්දා මම එහෙම හැසිරුනේ,එච්චර දිග කොන්ඩයක් නොතිබුනත් ඒ වෙද්දි මට කොන්ඩෙ ලොකු වදයක් වෙලා තිබුනෙ..දන්නො දනිති මම පාසල් ගිය විදිය...ඒ කාලේ හරිම සුන්දරයි,හැමදාම රෑට තමයි මගේ වැඩ තිබුනේ,ඒ කොහොම උනත් උදෙන්ම මම පාසලට යන්න පුරුදු වෙලා තිබුනා ඒ මගේ school van එකට පින් සිද්ද වෙන්න කිව්වොත් හරි.උදෙන්ම පන්තිය ලග අරලිය මල් ගහෙන් මල් කඩනවා.අපේ පන්තියට එන මෙන්ම,පන්තිය ලගින් යන එන අයට මල් කඩන මාව තමයි මුලින්ම පේන්නෙ..මාව උදේ පාන්දර දැක්කට පස්සේ එයාලගේ දවසට මොනා උනාද කියලා නම් මම දන්නේ නැහැ...ගොඩාක් දවසකට පස්සේ ඒ සුන්දර මතකයන් අවදි උනා කිව්වොත් හරි.දැන් නම් ඉතින් මට යන්නත් පරක්කු වෙලා,අදට මේ ඇති,මමයි මගේ පාසැල් කාලයයි;ඒ උනත් මොකො නතර කරන්න නම් හිත දෙන්නෙම නැහැ...
"සුලගේ ලෙලෙනා මල් සේ දග පා අප පාසැල් ගිය කාලේ,යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ.."

Saturday, March 6, 2010

"වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන.."


ඊයේ රෑ,හවස ඉදන් අහසේ දැක්ක පෙරනිමිති නිසා අපි වැස්ස බලාපොරොත්තුවෙන් හිට්යේ,ගෙදර හමොම ගොඩක් කාලෙකට පසුව වහින වැස්සේ පලවෙනි පොද දැකගන්න ආසවෙන් හිටියේ,එත් ඒ වාසනාව අයිති උනේ මට,මොකද ගෙදර අනිත් මිනිස්සු ඒ වෙලාවේ නිදි නිසා.මම බලාපොරොත්තු වුනේ පොලව සේදිලා යන්න,ගොඩක් වෙලා වහින පොද වැස්සක් ඒත් අහසින් වැටුනේ මොර ගෙඩි තරම් ලොකු වැහි බිදු කිහිපයක් විතරයි.මගෙ බලාපොරොත්තු සියල්ල පලමු වැස්සෙන් සේදි ගියා.ඒත් ඒ මහ රෑ මම ආස කරන සුවදක් මගේ හිතට අයෙත් දැනුනා,වියලි කර්කෂ්ඨ පොලවට වතුර පොඩ්ඩක් වැටුනම දැනෙන සුවද..අනේ මන්දා සමහරුන්ට නම් ඒ සුවද පෙන්නන්න බැහැ.ඒත් පොඩි කාලේ ඉදන් ඒ සුවදට මම ආස කලා,බලාපොරොත්තු නැති උනාට මොකද,කාලයකට පස්සේ දැනුනු සුවදින් හිත පුරවගෙන,මම නින්දට ගියේ,ඒත් හිතේ කොනක සේදි ගිය බලාපොරොත්තුව නොතිබුනාම නෙවේ,හැමොටම ඒ වෙද්දි ඕනෙ කරන වැස්ස "වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන.."

I can't fly


I've tried my very best to meet all all of your demands,
The more I try more faults you find I just don't understand.
You want me to be perfect and with all my heart I've tried.
You're looking for an angel and I'am sorry I can't fly.

If you could only feel the pain that's in this heart of mine,
Each little fault you find with me,you turn it to a crime.
Your never filling love and never loving heart have caused our love to die,
You are looking for an angel and I'am sorry I can't fly.
This could have been sweetest thing two people ever knew,
If you had only realized how much I cared for you.
I know you'll go on searching for that perfect girl,
and I hope her wings are pretty cause you see I can't fly

Friday, March 5, 2010

වෙනස් මගේ මමත්වය..


ටිකක් කථා කරලා බැලුවොත් මගේ වයසේ ඉන්න ලමයි එක්ක,මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල්,විෂේෂයෙන් පිරිමි ලමයි එක්ක...හැමොම කියන්නේ"මම වෙනස් ලූ"එකට උත්තරයක් කියන්න හැමදාම මගේ ලග නැහැ..ඇත්තතටම මම වෙනස් ද කියලා වෙලාවකට මටම හිතෙනවා.ඒක ඇත්ත වෙන්න ඕනේ,මොකද මම පිලිගන්න විදියට ලොකේ එකම වගේ මිනිස්සු නැහැ.හැමොම හිතන විදිය වෙනස්.දෙයක් පිලිගන්න විදිය වෙනස්...
එහෙම වීම වෙලාවකට හොදයි,මොකද එහෙම වුනොත් අපි කාගෙවත් සිත් රිදවීම් වෙන්නෙ නැහැ නේ,ඒත් ඒ කියන සිත් රිදවීම් වුනේ නැති නම් අපි ගොඩක් අය දන්න කිහිප දෙනෙකුගෙම අනන්‍යතාවය නැති වෙනවා.සිත් තැවුල්,විරහව නිසා කලා ලෝකෙට ආපූ,බ්ලොග් ලියන්න පටන් ගත්තු,දැන් සාර්ථක වෙලා ඉන්න අය දිහා බැලුවම හිතෙන්නෙ ඒක හොදයි කියලා..කොහොම උනත් මගේ වෙනස් වීම තුලින් සතුටු වුනු වගේම රිදුනු සිතුත් තිබුනා කියලා මට කවදාවත් අමතක කරන්න බැරි වේවි,ඒ හැම දේයටම එකම හෙතුවක් ලෙස අන්තිමට මට ඉතුවුනේ හරිම අත්මාර්ථකාමි "මමත්වය" පමනයි.ඒත් මට ඒකෙන් ලබුනේ ජීවිතයටම වටින තනිකම විතරයි.

Thursday, March 4, 2010

මගේ අරුථට මගේ ජීවය...


ජීවිතය මොකක්ද කියල වෙලාවකට හිතාගන්න බැහැ..ඒක වෙන්න ඇති තාමත් ජීවිතය පිලිබද අර්ථ දැක්වීමක් කාටත් දෙන්න බැරි වෙලා තියෙන්නෙ,මටත් වඩා ජීවිතය ගෙව්ව අයට ජීවිතය අර්ථ දක්වන්න බැරි නම්,මම මොකට තව ඒ ගැන හිතනවද?ජීවිතය තියෙන්නෙ විදින්න,විදවන්න නෙමේයි කියලා ගොඩාක් තැන් වලදි අහලා තිබුනු නිසාදො,ජීවිතය කියපු ගමන් හිතට ආපූ එකම අදහස ඒකයි.වෙලාවකට මට හිතෙන දෙයක් තමයි මම ඔය දෙකෙන් මොනද ජීවිතයෙදි කරන්නෙ කියලා...මම ජීවිතය විදිනවා ඒ අතරතුර මතකයන් සමග ජීවිතය විදවනවා....කොච්චර මිනිසුන් ජීවිතයට සමීප වුනත් ජීවිතෙ පුරවන්න බැරි හිස් තැන් තියෙනවා...මගේ ජීවිතෙත් එකම එක අඩුවක්,අතීතයේ පුරවන්න බැරි වු එකම එක හිස්තැනක් නිසා,මම තනිකම ලග තියාගෙන විදවනවා...

Tuesday, January 26, 2010

තනිවූ තනිකම...


සිහිල් සුළන් රැල්ලක්,
ගත දැවටෙද්දි;
ගත පුබුදුවන සීතලක්,
සිත තුල නැලවෙද්දි;
දැනෙන්නෙ
'තනිකමකි'
ජීවිතය කටු ගෑ
'දුකකි'...

කාලය...


සිතේ කව් ගී
ලිව්වෙ පද බැද,
ඔබෙන් මා දුටු සිහිනයි.
එහෙත් ලොකයෙ,
ගෙවෙන කාලය.
අපි සැමට උරුමයි.....

Right out of the heart


Come steal my heart,
this heart of mine...
only be filled with your love.
I have been always in love with you,
in words i can't tell..
the heart of mine only beats for you.
the sight of you make me realize...
you are the one my breath is tied to...
but how helpless we are,
what is this trail by fate,
oh my love,my believed,
you made me blossom.
so,in my eyes,i'll hold you...
in my heart i'll hide you...
and one day,
i'll tear out of my heart,
for you to see...
My dear,
perhaps love is the only glimpse.
we are permitted into eternity,
oh!!!
the best and the most beautiful things in this world
can't be seen or
even touched...
they must be felt with your heart..
remember always,
love is 'Right Out Of The Heart...'

ජීවිත වෘන්දයෙ නොසිදෙන වෙණ තත....


ඈත දියඹේ දිලෙන,
ක්ෂිතිජයෙ ඉම ලෙසට...
මෑත සිහින ලොව
යථාර්තය කියා දුන් බවට..
සියලු පඩුවන් ලියු,
කවියක්ව සිත් මඩලට....
පහන් කල ජීවිතයය් ලබා දුන් නියාවෙන්;
ජීවීත වෘන්දයෙ,
නොසිදෙන වෙන තත...
ඔබම පමනි නිබද,
දයාබර අම්මේ....