අද කාලේකට පස්සේ අයිත් පාසල් යනවා,ඒත් යන්නේ නම් ඉතින් සුදු ගව්ම ඇදන් නම් නෙමෙයි,ඒක ගැන නම් දුකයි..හැම දාම උදෙන්ම නාලා මගේ අවුල් වෙච්ච කොන්ඩේ විදහාගෙන යාරයක් දිග රිබන් එකක් අතේ තියාගෙන තමයි මම පාසල් ගියේ..ඒ කාලේ නම් කොන්ඩේ කපන්න ගෙදරින් ඉඩ නොදුන්න නිසදො මන්දා මම එහෙම හැසිරුනේ,එච්චර දිග කොන්ඩයක් නොතිබුනත් ඒ වෙද්දි මට කොන්ඩෙ ලොකු වදයක් වෙලා තිබුනෙ..දන්නො දනිති මම පාසල් ගිය විදිය...ඒ කාලේ හරිම සුන්දරයි,හැමදාම රෑට තමයි මගේ වැඩ තිබුනේ,ඒ කොහොම උනත් උදෙන්ම මම පාසලට යන්න පුරුදු වෙලා තිබුනා ඒ මගේ school van එකට පින් සිද්ද වෙන්න කිව්වොත් හරි.උදෙන්ම පන්තිය ලග අරලිය මල් ගහෙන් මල් කඩනවා.අපේ පන්තියට එන මෙන්ම,පන්තිය ලගින් යන එන අයට මල් කඩන මාව තමයි මුලින්ම පේන්නෙ..මාව උදේ පාන්දර දැක්කට පස්සේ එයාලගේ දවසට මොනා උනාද කියලා නම් මම දන්නේ නැහැ...ගොඩාක් දවසකට පස්සේ ඒ සුන්දර මතකයන් අවදි උනා කිව්වොත් හරි.දැන් නම් ඉතින් මට යන්නත් පරක්කු වෙලා,අදට මේ ඇති,මමයි මගේ පාසැල් කාලයයි;ඒ උනත් මොකො නතර කරන්න නම් හිත දෙන්නෙම නැහැ...
"සුලගේ ලෙලෙනා මල් සේ දග පා අප පාසැල් ගිය කාලේ,යාලුවො අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ.."
0 comments:
Post a Comment