
ජීවිතය මොකක්ද කියල වෙලාවකට හිතාගන්න බැහැ..ඒක වෙන්න ඇති තාමත් ජීවිතය පිලිබද අර්ථ දැක්වීමක් කාටත් දෙන්න බැරි වෙලා තියෙන්නෙ,මටත් වඩා ජීවිතය ගෙව්ව අයට ජීවිතය අර්ථ දක්වන්න බැරි නම්,මම මොකට තව ඒ ගැන හිතනවද?ජීවිතය තියෙන්නෙ විදින්න,විදවන්න නෙමේයි කියලා ගොඩාක් තැන් වලදි අහලා තිබුනු නිසාදො,ජීවිතය කියපු ගමන් හිතට ආපූ එකම අදහස ඒකයි.වෙලාවකට මට හිතෙන දෙයක් තමයි මම ඔය දෙකෙන් මොනද ජීවිතයෙදි කරන්නෙ කියලා...මම ජීවිතය විදිනවා ඒ අතරතුර මතකයන් සමග ජීවිතය විදවනවා....කොච්චර මිනිසුන් ජීවිතයට සමීප වුනත් ජීවිතෙ පුරවන්න බැරි හිස් තැන් තියෙනවා...මගේ ජීවිතෙත් එකම එක අඩුවක්,අතීතයේ පුරවන්න බැරි වු එකම එක හිස්තැනක් නිසා,මම තනිකම ලග තියාගෙන විදවනවා...
0 comments:
Post a Comment