Saturday, March 6, 2010

"වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන.."


ඊයේ රෑ,හවස ඉදන් අහසේ දැක්ක පෙරනිමිති නිසා අපි වැස්ස බලාපොරොත්තුවෙන් හිට්යේ,ගෙදර හමොම ගොඩක් කාලෙකට පසුව වහින වැස්සේ පලවෙනි පොද දැකගන්න ආසවෙන් හිටියේ,එත් ඒ වාසනාව අයිති උනේ මට,මොකද ගෙදර අනිත් මිනිස්සු ඒ වෙලාවේ නිදි නිසා.මම බලාපොරොත්තු වුනේ පොලව සේදිලා යන්න,ගොඩක් වෙලා වහින පොද වැස්සක් ඒත් අහසින් වැටුනේ මොර ගෙඩි තරම් ලොකු වැහි බිදු කිහිපයක් විතරයි.මගෙ බලාපොරොත්තු සියල්ල පලමු වැස්සෙන් සේදි ගියා.ඒත් ඒ මහ රෑ මම ආස කරන සුවදක් මගේ හිතට අයෙත් දැනුනා,වියලි කර්කෂ්ඨ පොලවට වතුර පොඩ්ඩක් වැටුනම දැනෙන සුවද..අනේ මන්දා සමහරුන්ට නම් ඒ සුවද පෙන්නන්න බැහැ.ඒත් පොඩි කාලේ ඉදන් ඒ සුවදට මම ආස කලා,බලාපොරොත්තු නැති උනාට මොකද,කාලයකට පස්සේ දැනුනු සුවදින් හිත පුරවගෙන,මම නින්දට ගියේ,ඒත් හිතේ කොනක සේදි ගිය බලාපොරොත්තුව නොතිබුනාම නෙවේ,හැමොටම ඒ වෙද්දි ඕනෙ කරන වැස්ස "වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන.."

0 comments:

Post a Comment