Saturday, March 13, 2010

මගේ භාවනාව...


කවදාවත් නැතුව,ජීවිතේ පලමු වතාවටම අහපු සින්දුවක්,හදවතම සිදුරු කරන් යන විදියේ නාද මාලාවක් සමග ඔයාලටත් හමු වෙලා තියෙනවද?එතකොට දැනෙන හැගීම,මුලු හිත ම සින්දුවට සමවැදීම,වෙලාවකට සින්දුත් සන්සුන් භාවනාවක් වගේයි මට.හදවතේ සියලු කඩ ඉම් අහුරා ගෙන යන සියුම් සීතල හැගීමක් වගෙයි...කාලයකට පස්සේ හිතේ තද බල ලෙස දැනුනු සින්දුවක් මේ...මට මේක සමීප වෙන්නෙ මේකේ තේරුම නිසා කිව්වොත් හරි,මමත්...... පසු වදනක් බලාපරොත්තු නොවෙන්න තිබුනා,ඔයාට කරපූ ආදරෙන් පස්සෙ මටත් අලුත් මල් පිපෙන කාලයක් අවානම්...

පෙර වදනක් නැති,අප පෙම් පූරාවතට;
මට කුමටද තව,පසු වදනක් නුඹගෙන්.

හැම හමු වීමකට....
නියමිත අවසානයක් ඇතිනම්,
සිහරුම් මුව ගයනා ගීයට
විරාමයක් දේ නම්.
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

එක ර්තුවකට පසුව
නව ර්තුවක් පැමිණේවි නම්.
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්.
මට කුමටද තව,පසු වදනක් නුඹගෙන්...

ඔයාලත් කැමති නම් බලන්න...

1 comments:

said...

මෙහෙම සිංදුවක් මන් අහලා නැහැනේ. අහන්න තැනක් තියෙද?

Post a Comment