
ජිවිත කාලෙදි අපිට එක එක ජාතියේ මිනිස්සු හමු වෙනවා.ඒත් ඒ හමුවෙන මිනිස්සුන් ගෙන් සොදුරු සිත් තියෙන මිනිස්සු හරිම පොඩ්ඩයි ඉන්නෙ.මම ජීවිතේ එච්චර දුර ගිහිල්ලා නැති නිසාදො මට හමු වෙලා තියෙන සොදුරු හිත් තියෙන මිනිස්සු අඩුයි.එහෙම කෙනෙක් හමු වුනත් අදුන ගන්න තියෙන ඉඩ කඩ අඩුයි..මිනිස්සු තරගයකට වගේ ජීවත් වෙනවා,ඒ ජීවිත වල ඇති වන සොදුරු හැගීම් කියන්න වත් එයාලට කාලයක් නැති තරම්,සමහරු එවා යටපත් කරන් ඉන්නවා...ඒ උනාට අපි හැමොමටම තියෙන්නේ සොදුරු හිත්,එවාට කාලයත් එක්ක වැටෙන විෂබීජ නැත්තම් අලුත් අදහස් එක්ක අපේ හිත් වෙනස් වෙනවා.ඒක ස්වභාවය කියලා හිත හදාගන්න එක තමයි අමාරුම...අපි පොඩි කාලේ කොච්චර සැහැල්ලු විදියට හිතුවද...ඒ පොඩි කාලේ හැමොම ලග තිබුන සුන්දර හිත් තියෙනවනම් ජීවිත කොච්චර ලස්සන වේද?
1 comments:
පුංචිම පුංචි බබෙක් ගාව ඇරෙන්න සොඳුරු සිතක් ලොකු අය ගාව නම් මන් දැකලා නැහැ. ඈතට එහෙම පෙනුනත් ලඟට නම් එහෙම නැහැ
Post a Comment