
මතකද ඔබට,
පෙරදිනයක ඔබ සමග අත් වැල් පටලගෙන
මද නලට පිටුපා එදා ගිය ගමන...
සිහින් මද පොද වත මඩල මත හෙලෙන විට,
ලබුවේ උණුසුම ඔබෙන් මා...
මල් සුවද රැගෙන ආ සියුම් සීතල පවන,
කනට මුමුනා කීවෙ මෙලෙසක..
"එදා අපි මැව් සිහින මාලිගා,
අදත් වෙන උන් මවයි ලන්ව හිද...
කාලය ගෙවී යයි,
මතකයන් අලුත් වෙයි,
එහෙත් අදත්,එදත්
අප සොයා ආ
මද පවන එලෙසකමය,
මල් සුවද එලෙසකමය......"
0 comments:
Post a Comment