Sunday, June 5, 2016

ලොකෙටම බොරුවක්...

සියලු දේ දත් ‍යැයි සිතන්නි...
කිසිම දෙයක ගැඹුරක් ඇය නොසිතන්නි...
දෙයක් වූ පසු ඒ ගැන පසු තැවෙන්නි...
ජීවිතේ රලු පරලු බිම් මත පය තබන්නි....

ඉරද හදද ගෙන වලාකුල් වියන් යටින්,
නිත්‍ය සෙවනක් සොයා ඇවිදමි...
සෙවන හමු වූ තැනක ඉද මා,
පසු කරන් ආ දේ විමසාමි...
ගහද මල් කොල ගී ගැයු කුරුල්ලන්
විමසාවි නෙක තතු නිත්‍ය සෙවන ගැන,
අනේ කුරුලෙනි සබද ගහ කොල,
තවම හමු වි නැතය ඒ "ඔහු" තාම....

සියලු දේ දත් ‍යැයි සිතන්නි...
ලොවට බොරු කර,
ඇයද ඒ බොරුවෙහි වැලිල
සතුටු සුවයෙන් කල් ගෙවන්නි...
මතුපිටෙහි ඇති දේ පසක ලා,
ගැඹුරු ලොවකට පා තබන්නට ඇය
ප්‍රමාද දැයි පසුතැවෙන්නි....

0 comments:

Post a Comment