Tuesday, December 29, 2009

ඔබ හා මම...



මතකද ඔබට,
පෙරදිනයක ඔබ සමග අත් වැල් පටලගෙන
මද නලට පිටුපා එදා ගිය ගමන...
සිහින් මද පොද වත මඩල මත හෙලෙන විට,
ලබුවේ උණුසුම ඔබෙන් මා...
මල් සුවද රැගෙන ආ සියුම් සීතල පවන,
කනට මුමුනා කීවෙ මෙලෙසක..
"එදා අපි මැව් සිහින මාලිගා,
අදත් වෙන උන් මවයි ලන්ව හිද...
කාලය ගෙවී යයි,
මතකයන් අලුත් වෙයි,
එහෙත් අදත්,එදත්
අප සොයා ආ
මද පවන එලෙසකමය,
මල් සුවද එලෙසකමය......"

සිහිනය......


සීත මිදුම් වලා
සිත දරා ගනු බැරිව
දෙනෙත් අග අදද
රූරා වැටියේ...
කදුලු ගග
සබද....
ඈත නිම් වලල්ලෙන්
පෙනෙන සද නුබ වෙයන්,
මෑත දෙනෙත් අග කදුලක්ව,
මෑත ගතෙ දැවටියන්,
හමන මද පවන වී,
සිත මාගෙ සනසපන්...
ආයිමත් ඉදීයන්,
සෙමින් මට කොදුරන්....
ආයිමත් මට නුබ පෙමින් බව......