
මීට සය අවුරුදු පෙර පුන්චි කාලේ සිට පැවත ආ අපේ සම්බන්ධයට මා ස්ථිර නමක් දුන්නේ ඔබ මා නිසා නිස්කාරුනේ විනාෂ නොවනු දැකීමටය.අද මම ඔබ ඒ පෙර ගත කල කාලය බොලද පෙම්වත් කාලයක් යැයි නම් කීරිමට තරම් දැන උගත්ය.එහෙත් ඒ පටන් ගත් ආලය සය අවුරුද්දක් පූරා ගෙවුනේ මා ජීව්තයම ආදරය හා සම කරමින්ය.ඔබ ඒ තරමට මාහට සමීප වුවාය,ලෙන්ගතු වුවාය.ආදරය කලෙමි ඔබ හට,නොකීමුත් වදනින් සෑම විට,ඒ පුන්චි කාලයෙ පටන්ම..නමුදු එය වචනයෙන් ඉස්ථිර කර ගනු නියා ඔබ ලතැවු බවද දන්නෙද මමය.මා අද තනිව ඇත.ඔබ අද මා හා නොමැති බව මට නොහැගෙනුයෙ මන්ද යැයි මට නොතෙරේ.මා ඔබගේය.කදුලු මවෙතින් රැගෙන ගිය ඔබ,මා සමග සිටි කාලය පුරාවට මට කදුලු සැලීමට ඉඩ නොඩුන්නාය.කොතරම් බාධක පවුල් තුලින් පැන නැගුනද මම ඔබට මට වඩා අදරය කලෙමි,ඔව් මම දැන උන්නා ඔබද පුරා හදවතින්ම මාහට ආදරය කල බව.ඔබගේ ආදර වදන් නොමැතිව මාස ගනන් ගත වූවද ඔබ කෙරෙහි වූ මගේ අදරය අන්ශුමාත්‍රයකින් වුවද අඩු වූයේ නැත.
සත්තකින්ම,ඔබ මට රජෙකි..මා වැනි මෙහෙසියක් ලද සීලයකි..ඔබට යම් දෙයක් සිදු වීමට පෙර එය මට හැගේවා යැයි සෑම විටම මා පැතු වේය.අවසානය දක්වාද එය එසේම සිදු විය.ඔබ හා මම ගත කල සුනදර කාලය අවසන්ය.අද දින මා හා ශේෂව ඇත්තේ අපි දෙදෙන ගත කල සුන්දර මතකයන් පමනයි.අප දෙදෙන පැතු සියල්ල,ඔබගේ පවුලෙන් මා හට ලැබිය යුතු පිලිගැනිම අද මට ලැබි ඇත.නමුදු ඔබ අද මා හා නොමැත...එකදු තප්පරයකට වුවද මා අතහැර නොගිය සබද,අද මා කෙසේ නම් විශ්වාස කරන්නද ඔබ මා තනිකර ජීවිතය හැර ගොස් ඇති බව.අවසන් දින ඔබගේ කාමරය වෙත පිය නැගු මා හට දසුන් වූයේ ඔබ මගේ ලොවක් කාමරය තුල නිමවා ඇති බවය.ඔබ මා හා ගත කල කාලයන් හි මගෙන් ගිලිහිනු පුන්චිම පුන්චි දෙවල් පවා ඔබේ කාමරය තුලදි දැක මම සන්තාප උනෙමි.ඔබ මට අහිමිව අවසන්ය.මා වෙනෙකෙකු දෙස බැලීම වුවද ඔබට ප්‍රිය නැත,මට ද එලෙසෙකමය...
අප දෙදෙන අතර වූ සමානකම් කියා නිම කල නොහැක.පෙර භවයක හමු වූ විලසක මේ භවයේදීත් අප හමුවී ඇත...එකදු තාවකාලික හමුවීමකි...මා සැමදා පවසන පරිදි ඔබ සුර දුතයකි,ඔබ අප සැම සිනාසවනු ඇත.ඒ ඔබගේ හැටිය.වෙරයක් ගැන කිසිදා නොතකු ඔබ මට ආදරය කලේ ඔයා මට මෙච්චර ආදරය කරන්නෙ කොහොමදැයි අසාය.
අද මා තනිව ඇත...මට හඩනු නොහැකිය.ඔබගෙ පවුල හා මගෙ පවුල සනසවනු වස් නැගි සිටිය යුතුවේ මා.අප දෙදෙනා මැවු සිහින ලොකය මා තනිව ගොඩනගා ඒ තුල ජීවිතය ගත කල යුතුය.මා අභියස වෙනදා මෙන් දගකාරකම් පාන්නට ඔබ අද නැත.ඔබ අද මා දෑස් ඉදිරිපිට නිසලය.
"දෑස් කවුලුපත් පලා කදුලු කැට වෑහෙද්දි මගේ දෑස් අගින්,
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්,
ඈත් ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දෙවුනත් සුවද පැනින්,
මාත් මගේ හිතටත් ඔබ සුවදයි ඈත් නොවෙමැයි ඒ සුවදින්.
ඊයේ ඉපදි අද මිය යන්නට පෙරුම් පුරා ගෙන උපන් ලයේ,
හීයේ වේගෙන් අහස උසට සැදි ආදර ලොකය හෙටත් තියේ,
ඒත් ඉතින් දැන් සොදුරිය ඔබ නැත ඇයි මේ ලෙස මා තනිව ගියේ,
ආයෙත් දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ."
මේ ගීතය ජීවිතයට මේ තරම් සමීප වේ යයි මා මෙය අසන මුල් දවසේ තුන් සිතකින් වත් නොසිතන්නට ඇත.සත්තකින්ම අදින් පසු මා ඔබ වෙනුවෙන් එකදු කදුලු බිදුවක් නොසලමි.කොහේ හො සිට ඔබ මා දෙස නෙත් අයා බලා සිටිනු ඇත.අනේ ඔබ නැවත පැමිනේ නම් අපේ අවසන් සමුදීමට,කියන්නට ඇති දහසක් වදන් අතුරින් අවැසිය පවසන්න...ඔබ වෙනුවෙන් මා මිය යන්වා නම්........